පාකිස්ථානයේ දී වෛද්‍යවරුන් පනස්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා .
ඒ විරෝධතාවකට සම්බන්ධවීම හේතුවෙන්. කොරෝනා ප්‍රතිකාර සදහා එක්ව සිටින සෞඛ්‍ය සේවකයින්ට ආරක්ෂක උපකරණ කට්ටල නොමැති බව පවසමින් ඔවුන් විරෝධතාවයේ නිරත වුණා.
දකුණු ආසියාවේ රටවල් අතරින් ඉන්දියාවට පසු වැඩිම කොරෝනා රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ පාකිස්ථානයෙන්. 3800ක් පමණ වයිරසයට ගොදුරු වී ඇති බවයි පාකිස්ථාන සෞඛ්‍ය අංශ තහවුරු කළේ.