fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී ලංකන් ගුවන්සේවයේ මෙහෙයුම් තවදුරටත් තාවකාලිකව අත්හිටුවයි

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 8, 2020 11:35

ශ්‍රී ලංකන් ගුවන්සේවය අද (08) සිට සිය ගුවන්ගමන් මෙහෙයුම් තවදුරටත් ලබන 21 වනදා තෙක් තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

භාණ්ඩ ප්‍රවාහය සදහා මෙම ගුවන් යානා සිය ධාවන කටයුතු සිදු කරන බව ශ්‍රී ලංකන් ගුවන් සේවය පවසනවා. ශ්‍රී ලංකන් ගුවන්සේවය කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල සිය මූලස්තානය ලෙස භාවිත කරමින් සිය ගුවන් ගමන් මෙහෙයුම් සිදු කරනවා.

මෙසේ ගුවන් ගමන් මෙහෙයුම් අත්හිටුවීමෙන් පසු ශ්‍රී ලංකන් ගුවන් සේවය සතු ඒ 330 සහඒ 320 වර්ගයේ ගුවන් යානා 25 ක් පමණ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ නතර කර තිබෙනවා.

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 8, 2020 11:35

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්