කොරෝනා වෛරසයෙන් රට බේරා ගැනීමට රජය ගන්නා සියලු කි‍්‍රයාමාර්ග සදහා උපරිම සහය ලබාදෙන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කළා.
රජයට ආදායම් ලැබෙන සියලු මාර්ග අකර්මන්‍ය වී පැවතියද කොරෝනා වෛරසයෙන් රට බේරා ගැනීමේ සටන අත්නොහරින බවයි අග්‍රාමාත්‍යවරයා සදහන් කළේ. ඒ රටේ පවතින වත්මන් තත්වය සහ කොරේනා අර්බුදය මැඩලීමට රජය ගෙන ඇති පියවර පිලිබද විශේෂ ප්‍රකාශයක් කරමින්
අත්‍යවහ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාමට සියලු කි‍්‍රයාමාර්ග ගෙන ඇති බවයි අගා්රමාත්යවරයා සදහන් කළේ. ලෝක සෞඛ්‍ය සංවිධානය පවා ශ්‍රී‍්‍ර ලංකාවේ සෞඛ්‍ය වැඩපිලිවෙල පැසසුමට ලක් කළ බව අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නා.
වෛද්‍යවරුන්ගේ මෙන්ම සෞඛ්‍ය සේවකයින් මිළ කළ නොහැකි සේවයට ජාතියේ ගෞරවය හිමිවනබවයි මහින්ද රාජපක්ෂ මහතා එහිදි කියා සිටියා.
වෛරසය පරාජය කිරිමෙන් පසු රටේ ඉදිරි ක්‍රියාමාර්ග ගැන ද විධිමත් සැලැස්මක් පවතින බවයි මහින්ද රාජපක්ෂ මහතා සිය විශේෂ ප්‍රකාශයෙන් සදහන් කළේ.