fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ආණමඩුව රෝහල් කාර්ය මණ්ඩලයේ පිරිසක් ස්වයං නිරෝධායනයට

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 7, 2020 12:02

ආණමඩුව රෝහල් කාර්ය මණ්ඩලයේ පිරිසක් ස්වයං නිරෝධායනයට ලක්කිරීමට සිදුව තිබෙනවා.

කිවුල අංක 4 ගම්මානයේ පදිංචිව සිටි 30 හැවිරිදි එක්දරු මවක් රෝගී තත්වයක් මත හලාවත මහ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු ඇයට වයිරසය ආසාදනයවී ඇති බවට තහවුරු වුණා. ඒ අනුව ඇය මුල්ලේරියාව රෝහලට මාරුකර යවා තිබෙනවා. ඇය පළමුවෙන්ම ප‍්‍රතිකාර ලබාගැනීම සඳහා පැමිණ තිබුණේ ආණමඩුව රෝහලටයි. ඒ අනුවයි ඇය සමඟ ඍජුව සම්බන්ධතා පැවැත්වු කාර්ය මණ්ඩලය ස්වයං නිරෝධායනයට යොමුකර තිබෙන්නේ.

කාන්තාව පදිංචිව සිටි කිවුල ගම්මානයේ නිවාස 9 ක පදිංචිකරුවන් සහ ඇය ඊට පෙර පදිංචිව සිටි පුත්තලම බව්ම ප‍්‍රදේශයේ තවත් නිවාස 6 ක පදිංචි පිරිසක් ද නිවෙස් තුළම දින 14 ක නිරෝධායනයට යොමුකර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 7, 2020 12:02

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්