MSC මැග්නිෆිකා නෞකාවේ සිටි ශ්‍රී ලාංකික කාර්ය මණ්ඩල සාමාජිකයා ශ්‍රී ලංකාවට රැගෙන ඒමට නාවික හමුදාව සමත් වුණා.
නෞකාවේ සූපවේදියෙකු ලෙස කටයුතු කළ අනුර හේරත් නමැති අයෙකුයි මෙලෙස රැගෙන ඒමට කටයුතු කෙරුණේ.
කොරෝනා වසංගතය සමඟ සිය ජීවිතයට පවතින දැඩි අවධානම හේතුවෙන් නෞකාවෙන් මුදාගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගෙන් ඔහු ඉල්ලීමක් කළා. MSC මැග්නිෆිකා නෞකාව ලෝක සංචාරයක නිරත වී සිටිනවා.එය ඉතාලියට සේන්දු වීමට පෙර කොළඹ වරායට අද දිනයේ පැමිණෙන බැවින් තමන් බේරාගන්නා ලෙසයි මෙම තරුණයා සමාජ මාධ්‍ය ඔස්සේ ඉල්ලා සිටියේ.
ඒ අනුව නාවික හමුදාවේ විශේෂිත කණ්ඩායමක් තරුණයා බේරා ගැනීම සඳහා යොමු වූ අතර ඔහු බූස්ස නිරෝධායන කඳවුර වෙත යොමු කිරීමට කටයුතු යොදා තිබෙනවා. නෞකාව ඕස්ට්‍රේලියාවේ සිට ඉතාලිය බලා යාත්‍රාකරමින් සිටින අතර ඉන්ධන පුරවා ගැනීම සඳහා නෞකාව කොළඹ වරායේ නැංගූරම් ලා තිබෙනවා. මැග්නිෆිකා නෞකාවේ කිසිවෙකුගේත් සෞඛ්‍ය තත්ත්වය අයහපත් නොවන බවයි එම නෞකාවේ බලධාරීන් සඳහන් කළේ.
https://www.facebook.com/itnnews.lk/videos/687757178718335/?epa=SEARCH_BOX