fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇඳිරිනීතිය ක්‍රියාත්මක වුවද ජනතාවට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැපයීම අඛණ්ඩව

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 5, 2020 12:43

ඇඳිරිනීතිය ක්‍රියාත්මක වුවද ජනතාවට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලැබීමට සැලැස්වීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මකව පවතිනවා. අහාර සහ ඖෂධ බෙදා හැරීම මින් ප්‍රමුඛතාව ගන්නවා.

උතුරේ ජනතාවට අත්‍යවශ්‍ය ආහාර තොග ප්‍රමාණවත් පරිදී නිකුත් කිරීමට ප්‍රදේශයේ සමූපකාර සමිති මූලිකත්වය ගෙන කටයුතු කරනවා. සතොස සහ සමූපකාර හරහා රජයේ සහතික මිලට භාණ්ඩ ලබා ගැනීමටයි ජනතාවට අවස්ථාව උදාකර දී ඇත්තේ.

නාත්තන්ඩිය මැතිවරණ කොට්ඨාසයේ අඩු ආදායම්ලාභී පවුල් වෙත නිවෙසටම ගොස් ආහාර බෙදා දීමේ වැඩසටහනක් ක්‍රියාත්ම කෙරුණා. ඒ නාත්තන්ඩිය ප්‍රාදේශීය ලේකම්වරයාගේ මගපෙන්වීමට අනුවයි. මූලික අයිතිවාසිකම් හා වෙනත් අයිතිවාසිකම් පිළිබඳ ශ්‍රී ලංකා සංවිධානය මේ සඳහා මූලිකත්වය ගෙන කටයුතු කළා

වියළි ආහාර මළු ජනතාව වෙත බෙදා හැරීමේ වැඩසටහනක් කුලියාපිටිය ප්‍රදේශයේ දීද පැවැත්වුණා. හොරුතැපොල, නවසිගහවත්ත ,වල්පිටගම, දීයාවල, ඇත්නරුව ගම, බරිගොඩ, පූගල්ල ආදී ගම්මාන රැසක අඩු ආදායම්ලාභී පවුල් වෙත භාණ්ඩ බෙදා හැරීම සිදු කෙරුණා. ඒ කුලියාපිටිය මූලස්ථාන පොලිසියේ සහ සුරකිමු ලංකා ආයතනය එක්වයි.

කුඩා සාමනේර හිමිවරුන් ඇතුළු මහා සංඝයා වහන්සේ 12 නමක වෙසෙන දුම්බර ගමෙහි දුම්බර පුරාණ විහාරස්ථානයට අවශ්‍ය දානමය බඩු බාහිරාදිය ලබා දීම නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ මැදිහත් වීමෙන් සිදු කෙරුණා. සහල් කිලෝ 200 ක් සහිත වියලි ආහාර ද්‍රව්‍ය විහාරස්ථානය වෙත භාරදීම රත්නපුර මූලස්ථාන පොලිස් පරික්ෂක රොහාල් ඕලුගල මහතාගේ මූලිකත්වයෙන් සිදු කෙරුණා.

මේ අතර තැපැල් දෙපාර්තමේන්තුව හරහා නිවෙස්වලටම ගොස් ඖෂධ බෙදා හැරීමේ කටයුතු ද සාර්ථකව සිදු කෙරෙනවා. රෝහල්වලට ගොස් ඖෂධ ලබා ගැනීම වෙනුවට රෝගීන් වෙතට ගොස් ඖෂධ බෙදා හැරීමයි මේ අනුව සිදු කෙරෙන්නේ. අනුරාධපුර දිස්ත්‍රික්කය තුළද ඖෂධ බෙදා හැරීම සාර්ථකව සිදු කෙරෙන බව ජනතාව පවසනවා.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 5, 2020 12:43

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්