මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට පහරදීමේ සිද්ධියට අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇති බව පොලිස් මූලස්ථානය පවසනවා. සැකකරුට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි පොලිසිය අවධාරණය කරන්නේ.
රඹුක්කන මහජන සෞඛ්‍ය කාර්යාලයේ සේවයේ නියුතු මහජන සෞඛ්‍ය පරික්ෂක සිදත් සංජීව බණ්ඩාර මහතා තියුණු ආයුධ ප්‍රහාරයකට ලක්වූයේ රඹුක්කන පොලිස් වසමේ පත්තම්පිටිය ප්‍රදේශයේ දීයි. ඊයේ පස්වරු 3.00ට පමණ ඔහු මෙම ප්‍රහාරයට මුහුණ දුන්නේ කොරෝනා වෛරසය මැඩලීමේ රාජකාරියේ නිරතව සිටියදීයි. ඒ මහතා මේ වන විට රඹුක්කන රෝහලේ ප්‍රතිකාර ලබනවා.
රඹුක්කන කඩිගමුව ප්‍රදේශයේ ස්වයං නිරෝධායනයට ලක්ව ඇති පවුලක් සහ අවට පවුල් සදහා පානීය ජලය සැපයීමේ කටයුත්තක් සඳහා ඔහු එම ප්‍ර දේශයට ගොස් තිබෙනවා. එහිදී ඔහුට තියුණු ආයුධයකින් පහරදී ඇත්තේ එම ප්‍රදේශයේ ම පදිංචි 15 හැවිරිදි අයෙකු බවයි පොලිසිය පවසන්නේ. සැකකරු මේ වන විට ප්‍රදේශයේ ඇති කැලෑබද ප්‍රදේශයක සැගවී සිටින බවට තොරතුරු ලැබී තිබෙනවා. ඒ අනුව ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කන්ඩායම් කිහිපයක් එක්ව විශේෂ මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි පොලිසිය පවසන්නේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/ADS3codoKnQ”]
මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් පෞද්ගලිකවම අවධානය යොමු කළ ජනපති අගමැති ප්රමුඛ රජයටත්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය අමාත්‍යවරිය ප්රමුඛ නිලධාරීන්ට පොලිසියටත් ,තම ගෞරවනීය ස්තූතිය පුදකරන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය පවසනවා.
මෙම මහජන සෞඛ්‍ය පරික්ෂකවරයාගේ සුවදුක් විමසීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ රජය ද කෑගල්ල ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු පොලිස්නිලධාරීන් ද ගත් පියවර අගය කරන බවයි එම සංගමය පවසන්නේ. සිද්ධිය දැනගත් මොහොතේ අග්‍රාමාත්‍යවරයා දුරකතනයෙන් සිදත් බණ්ඩාර මහතා අමතා ඔහුගේ සුවදුක් විමසා තිබෙනවා.
මේ මොහොතේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් මව්බිම සහ ජනතාව වෙනුවෙන් ඉටුකරන මෙහෙවර අගය කරන බවට අග්‍රාමාත්‍යවරයා මෙහිදී කර ඇති ප්‍රකාශය ද අගය කරන බවයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය වැඩිදුරටත් පවන්නේ.