fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ස්වාධීන රූපවාහිනියේ හිටපු සභාපතිවරයෙකු වූ ඒ.එම් කරුණාරත්න මහතා අභාවප්‍රාප්ත වෙයි

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 4, 2020 18:42

පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨයෙකු මෙන්ම ස්වාධීන රූපවාහිනියේ හිටපු සභාපතිවරයෙකු වූ ඒ එම් කරුණාරත්න මහතා අභාවප්‍රාප්ත වුණා.

ප්‍රවීණ ගත්කතුවරයෙකු වූ ඒ මහතා වයඹ පළාත් ලේකම්වරයා ලෙස ද කටයුතු කළා. එමෙන්ම බස්නාහිර පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස ද ඒ මහතා කලක් සේවය කර තිබෙනවා. ඒ මහතා රචනා කළ කලුආරච්චිලාගේ කතාව , වැව්තාවුල්ල වැනි ග්‍රන්ථ රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලැබුවා. නිදහස් කලා සංසදයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු වූ අභාවප්‍රාප්ත කරුණාරත්න මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බොරැල්ල කනත්තේ දී හෙට සිදුකෙරෙනවා.

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 4, 2020 18:42

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්