රට තුළ ආහාර නිෂ්පාදනය කඩිනම් කිරීමේ අරමුණින් ගෙවතු දස ලක්ෂයක් වගාකරන සෞභාග්‍යා ගෙවත්ත දීප ව්‍යාප්ත වැඩසටහන මේ වන විට ක්‍රියාත්මකයි.
ලොව පුරා ව්‍යාප්තව ඇති කොරෝනා වෛරසය හමුවේ අඛණ්ඩව රටේ ජනතාවට ආහාර සැපයීම අරමුණු කරගනිමින් රජය මෙම වැඩපිළිවෙළ ආරම්භ කළා.
නාගරික හා අර්ධ නාගරික ජනතාව ඇතුළු සමස්ථ ජනතාව ඉලක්ක කර ගනිමින් ගෙවතු දස ලක්ෂයක් වගා කිරීම සෞභ්යාග්යා ගෙවත්ත වැඩසටහනේ අරමුණයි. බීජ වර්ග 05 කින් යුත් බීජ පැකැට්ටුවක් සහ ඊට අදාළ උපදෙස් පත්‍රිකාවක් රුපියල් 20 ක සහන මිලකට ලබාදීමටයි කටයුතු යොදා ඇත්තේ. එමෙන්ම රුපියල් 20 ක සහන මිලකට වර්ග 3 කින් යුත් එලවළු පැල බදුනක්ද ලබා දෙන බව මහවැලි කෘෂිකර්ම වාරිමාර්ග හා ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශය පවසනවා.
www.saubagya.lk වෙබ් අඩවියට පිවිසීමේන බීජ සහ පැල ඉල්ලුම් කළ හැකියි. මීට අමතරව ආනයනික අතිරේඛ භෝග 14 ක් රටතුල ප්‍රවර්ධනය කිරීම ද දීපව්‍යාප්ත ජාතික වැඩසටහනට ඇතුළත්. අම්බලන්තොට රිදියගම ගොවිපලේදී වගා කටයුතු ආරම්භ කෙරුණේ ජාතික පශු සම්පත් මණ්ඩලයේ සභාපති මහාචාර්ය මංජුල මාගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන්. බඩඉරිගු ඇතුළු කෘෂි බෝග වගාවන් පශු සම්පත් මණ්ඩලයේ ගොවිපොල තුළ සිදුවනවා.
ජාතික වැඩපිළිවෙළට සමගාමීව මධ්‍යම පළාතේ වගා කටයුතුවලට අවශ්‍ය බීජ ලබාදීම ගන්නෝරුවේදී සිදුකෙරුණා. ඒ කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල් ආචාර්ය ඩබ්ලිව් එම් ඩබ්ලිව් වීරකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන්.
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ද වගා කටයුතු සාර්ථකව ආරම්භ කෙරුණා. වැලිකන්ද හා දිඹුලාගල ප්‍රදේශයේ ගොවීන් 300 දෙනෙකුට එළවළු බීජ හා පැළ වර්ග බෙදාදීම මේ අනුව සිදුවුණා.