fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොරෝනා මර්දනය සහ පාලනය කිරීමට ප‍්‍රධාන සමාගම් රැසකින් ද්‍රව්‍යමය ආධාර

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 4, 2020 15:37

කොරෝනා මර්දනය සහ පාලනය කිරීමට ප‍්‍රධාන සමාගම් රැසක් ද්‍රව්‍යමය ආධාර ලබාදුන් බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප‍්‍රකාශ කළා.

රෝහල්වල සහ කොරෝනා ප‍්‍රතිකාර මධ්‍යස්ථානවල සුව සේවා සත්කාර සිදුකරන කාර්ය මණ්ඩලයට පුද්ගල ආරක්ෂක ඇදුම් කට්ටල 4000ක්ද ඊට ඇතුලත්. සෞඛ්‍ය අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත අද (04) භාර දුන් භාණ්ඩ තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 45ක්. සංනිවේදනය ටෙලි සාකච්ඡා පැවැත්වීමේ හැකියාව ඇති තාක්ෂණික උපකරණ තොගයක්ද භාර දී තිබෙනවා.

තවත් සමාගමක් ශල්‍ය ඇදුම් කට්ටල සහ ශල්‍ය ඇදන් පිරිනැමූ බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කළේ. ඒවායේ වටිනාකම රුපියල් ලක්ෂ 30. පුද්ගල ආරක්ෂක ඇදුම් කට්ටල 50ක් සහ මුුහුණු ආවරණ තොගයක්ද පිරිනමා තිබෙනවා.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 4, 2020 15:37

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්