fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

විදේශයන්හි රැදී සිටින ශ‍්‍රි ලාංකීකයන්ගේ දුෂ්කරතා ගැන අමාත්‍යාංශයේ අවධානය

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 4, 2020 15:12

කොවිඩ් නයින්ටීන් ගෝලීය වසංගතය හේතුවෙන් විදේශයන්හි රැදී සිටිමට සිදුව ඇති ශ‍්‍රි ලාංකිකයන්ට සහන සැලසීමේ ප‍්‍රායෝගික වැඩපිලිවෙල පිලිබදව විදේශ සබදතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා නිලධාරින් සමග සාකච්ඡා කර තිබෙනවා.

විදෙස්ගත ශ‍්‍රී ලාංකිකයන් වහා දිවයිනට ගෙන්වා ගැනීමට හැකියාවක් නොමැති බැවින් ඔවුන්ගේ සුබසාධනය සහතික කිරිමට පියවර ගෙන ඇති බවයි විදේශ සබදතා අමාත්‍යාංශය සදහන් කළේ. මැද පෙරදිග රටවල සිටින ශ‍්‍රි ලාංකික ශ‍්‍රමිකයන් සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශය සමග සමීපව අධීක්ෂණ කටයුතුවල නිරතවන බවද අමාත්‍යාංශය ප‍්‍රකාශ කළා.

ගෝලීය වසංගත තත්වය හමුවේ සෙසු රටවල් සමඟ ආර්ථික හා වෙළෙද සබදතා අඛණ්ඩව පවත්වාගැනීමද වැදගත් බවයි අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පෙන්වා දුන්නේ.

එමෙන්ම ශ‍්‍රී ලංකා තේ වෙළෙද පොල තහවුරු කිරිමත්, ඇගලුම් ඇතුලු අනෙකුත් නිෂ්පාදන සදහා නව වෙළෙද පොල සොයාගැනීමත් වැදගත් වන බව අමාත්‍යවරයා ප‍්‍රකාශ කලා.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 4, 2020 15:12

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්