කෙරෝනා ව්‍යාප්තිය පාලනය සඳහා රජය ගත් එක් ක්‍රියාමාර්ගයක් වන ඇඳිරිනීතිය පැනවීම මේ වන විට අඛණ්ඩවම සිදුවනවා. එමෙන්ම ඇඳිරිනීතිය කඩ කරන පුද්ගලයන් නීතියේ රැහැනට හසුකර ගැනීම දැඩිකර ඇත්තේ ද කොරෝනා ව්‍යාප්තිය පාලනයට ගත් මෙම ක්‍රියාමාර්ගය සාර්ථක කර ගැනීම සඳහායි.
ඇඳිරිනීතිය ක්‍රියාත්මක කරන අතරේ හඳුනාගත් ස්ථාන රැසක පුද්ගලයන් විශාල පිරිසක් ස්වයං නිරෝධායනයට ලක්කර තිබෙනවා. වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම මෙහි අරමුණයි. ඒ අනුව මඩකලපුව දිස්ත්‍රික්කයේ පමණක් දෙදහස් තුන්සිය හැට දෙදෙනෙකු ඔවුන්ගේ නිවෙස්වලම ස්වයං නිරෝධායනයට ලක්කර තිබෙනවා. මේ අතුරින් එක්දහස් එකොළොස් දෙනෙකු විදේශයන් හි රැකියා සඳහා ගොස් නැවත පැමිණි අයයි.
මේ අතර ඇඳිරිනීතිය කඩ කළ පුද්ගලයන් දොළොස්දහස් දෙසීය විසිතුන් දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය නිවේදනය කරනවා. පොලිස් භාරයට ගත් සමස්ත වාහන සංඛ්‍යාව තුන්දහස් දාහතක්.
අද පෙරවරු හයෙන් අවසන් වූ පැය 24 තුළ පමණක් ඇඳිරිනීතිය කඩ කළ පුද්ගලයන් එක්දහස් හාරසිය අනූ තුන් දෙනෙකු අත්අඩංගුවට ගැනුණා. පොලිස් භාරයට ගත් වාහන සංඛ්‍යාව 360 ක් වනවා.