fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මද්දකට හසු වී මිය ගිය කොටියෙකුගේ සිරුරක් හමුවෙයි

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 3, 2020 11:55

නාවලපිටිය ප්‍රදේශයේ මන්දකට හසුවී තේ වත්තක මිය ගිය කදුකර කොටියෙකුගේ සිරුරක් සොයා ගෙන තිබෙනවා. මෙම සත්වයා හොදින් වැඩී ඇති බවයි නල්ලතන්නිය වනජීව කාර්යාලයේ වනසත්ව අඩවි ආරක්ෂක ප්‍රභාත් කරුණාතිලක මහතා  පවසන්නේ.

නාවලපිටිය පොලිස්වසමට අයත් බාකෙඩ් වතුයායේ මෙම කදුකර කොටියා මැරී සිටියදී සොයා ගැනුණා. වතු කම්කරුවන් මේ පිලිබද වතු පාලන අධිකාරියට දැනුම් දී තිබෙනවා. පසුව එම වතු අධිකාරිය නල්ලතන්නිය වනජීවී කාර්යාලයේ නිලධාරීන් දැනුවත් කළා. අවුරුදු 08 ක් පමණ වයසැති මෙම සත්වයාගේ දිග අඩි 07 ක් පමණ වනවා.

මේ දිනවල පවත්නා දැඩි වියළි කාලගුණයත් සමග ආහාර හා ජලය සොයා වන සතුන් මිනිසුන් ජීවත්වන ප්‍රදේශවලට පැමිණෙනවා. මද්දට හසු වූ කදුකර කොටියා එම මද්ද ද සහිතව මද දුරක් ඇදී ගොස් තිබෙනවා. සිද්ධිය පිළිබද නාවලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු පශ්චාත් මරණ පරික්ෂණ සදහා මිනිපේ පශු වෛද්‍ය රෝහල වෙත යොමු කිරීම සත්ව අඩවි ආරක්ෂක නිලධාරින්ගේ සැලැස්මයි.

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 3, 2020 11:55

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්