fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොරෝනා 04 වන මරණකරුත් ජාත්‍යන්තර නීතියට අනුව අවසන් ගමන් යයි

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 3, 2020 12:06

මෙරට කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 151 දක්වා ඉහළ ගොස් තිබෙනවා. පුද්ගලයින් 4 දෙනෙකු මියගියා. කොරෝනා වෛරසයෙන් මියගිය 4 වන පුද්ගලයාගේ අවසන් කටයුතු කොටිකාවත්ත පොදු සුසාන භූමියේ දී සිදුකෙරුණේ ජාත්‍යන්තර නිරෝධායන නීතී රීති වලට අනුවයි.

කොරෝනා ආසාදනය වී ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබමින් සිටි 58 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු ඊයේ (02) රාත්‍රියේ මියගියා. ඔහු කොරෝනා රෝගයෙන් මියගිය මෙරට හතරවන පුද්ගලයායි. නිව්මෝනියා තත්ත්වය උත්සන්නවීම හේතුවෙන් ඔහු මියගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ. කොරෝනා ආසාදනය වූ රෝගීන්ගෙන් 21 දෙනෙකු මේ වනවිට සම්පූර්ණයෙන්ම සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

මෙරටදී ජීවිතක්ෂයට පත්වූ අවසන් කොරෝනා රෝගීන් දෙදෙනාටම එම ඉරණම අත්ව තිබෙන්නේ රෝගය වසන්කර ගෙන සිටීම හේතුවෙනුයි. කොරෝනා රෝග ලක්ෂණ ඇත්නම් වහාම ඒ පිළිබද දැනුවත් කරන ලෙස සෞඛ්‍ය හා ආරක්ෂක අංශ නිරන්තරයෙන් ප්‍රකාශ කරනවා. රෝගය වසන්කරගෙන සිටීමෙන් එම රෝගියාට පමණක් නොව පවුලේ පිරිසට ඔහු ඇසුරුකළ බොහෝ දෙනෙකුට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවිය හැකියි.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 3, 2020 12:06

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo