fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

එක්සත් ජාතික පක්ෂයෙන් නිවේදනයක්

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 2, 2020 19:16

රජය සමඟ එක්ව ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට ඉල්ලීමක් කර ඇති බවටත් ඒ සඳහා සූදානමක් ඇති බවටත් කෙරෙන ප්‍රකාශ අසත්‍ය බව එක්සත් ජාතික පක්ෂය පවසනවා.

මෙවැනි  ප්‍රචාර සිදු කරන්නේ බංකොලොත් දේශපාලන කණ්ඩායම් බවයි එම පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ.

ඊයේ දිනයේ එක්සත් ජාතික පක්ෂ නායකයින් සහ ජනාධිපතිතුමා ප්‍රමුඛ රජය අතර සාකච්ඡාවක් පැවැත්වුණේ කොරෝනා වසංගතය සම්බන්ධයෙන් බවයි එක්සත් ජාතික පක්ෂය පවසන්නේ. එහිදී ජනතාවට සහනාධාර ලබාදීම , අධ්‍යාපන කටයුතු ප්‍රතිකාර කටයුතු සහ ආර්ථිකමය කරුණු ආදිය සම්බන්ධයෙන් මිස ජාතික ආණ්ඩු පිහිටුවීම පිළිබඳ සාකච්ඡා නොවූ බව එක්සත් ජාතික පක්ෂය නිකුත් කළ නිවේදනයේ තවදුරටත් සඳහන්.

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 2, 2020 19:16

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්