fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇඳිරිනීතිය පැවතියද අත්‍යවශ්‍ය භාණ්ඩ ජනතාවට ලබාදීමේ වැඩපිළිවෙල අඛණ්ඩව

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 2, 2020 18:59

ඇඳිරිනීතිය පැවතියද අත්‍යවශ්‍ය භාණ්ඩ ජනතාවට ලබාදීමේ වැඩපිළිවෙල අඛණ්ඩව ක්‍රියාත්මක කෙරෙනවා.

අත්‍යවශ්‍ය සේවා සඳහා වූ විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකායේ උපදෙස් මත සතොස ඇතුළු ආයතන රැසක් එක්ව එම වැඩපිළිවෙල සාර්ථකව ක්‍රියාත්මක කරනවා.

ලිට්‍රෝ ගෑස් නිවසටම ගෙන්වා ගැනීමේ පහසුකම් එම සමාගම මේ වන විටත් සලසා තිබෙනවා. 1311 ලිට්‍රෝ පාරිභෝගික සේවා අංකය ඇමතීමෙන් හෝ www.litrogas.com වෙබ් අඩවියට පිවිසීමෙන් එම තොරතුරු ලබාගත හැකියි. ලිට්‍රො ගෑස් නිල ෆේස්බුක් පිටුවට පිවිසීමෙන් ආසන්නතම ලිට්‍රෝ නියෝජිතයාගේ තොරතුරු ලබා ගෙන මෙම සේවාව සලසා ගත හැකි වනවා. පික් මී සේවාව මගින් හෝ ජංගම අලෙවි රථවලින්ද ලිට්‍රෝ ගෑස් ලබා ගැනීමේ පහුසකම් පවතිනවා.

මහනුවර දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය කොට්ඨාශ ආවරනය වන පරිදි ජනතාවට සහන මිලට එලවලු ලබාදීම සිදු කෙරුණා. ශ්‍රී ලංකා හදබිම අධිකාරිය මගිනුයි එම කටයුතු සිදු කෙරුණේ.

වේයන්ගොඩ ප්‍රදේශයේ ජනතාව සඳහා නොමිලේ එලවළු මළු 3000 ක් ලබාදීම වේයංගොඩ පොලිස් භූමියෙදී සිදු කෙරුණා. වේයංගොඩ විශේෂිත ආර්ථීක මධ්‍යස්ථානයේ වෙළෙඳ ව්‍යාපාරික වික්‍රමගේ මදුරංග මහතාගේ පූර්ණ ධන පරිත්‍යාගයෙන් එම කටයුතු සිදුකෙරුණා. ආරක්ෂක අංශවල සාමාජිකයන්ටද එම භාණ්ඩ මෙහිදී ලබා දුන්නා.

ගම්පහ සතොස මඟින් අත්‍යශ්‍යභාණ්ඩ නිවසටම ලබාදීම සිදු කරනවා. ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන කාලය තුළ මෙලෙස භාණ්ඩ ලබාගැනීමය සඳහා විශේෂ ක්‍රමවේද ක්‍රියාත්මක වීම පිළිබඳ ජනතාව සිය ස්තුතිය පළ කරනවා.

ගාල්ල ආරච්චිකන්ද  ප්‍රදේශයේ සමෘද්ධි ලාභීන්ට රුපියල් 2000 ක් වටිනා වියළි ද්‍රව්‍ය අඩංගු සහන මල්ලක් ලබාදීම සිදු කෙරුණා.

මේ අතර ඇඳිරි නීතිය හේතුවෙන් බැංකු කටයුතු සදහා යාමට නොහැකි ගණුදෙණුකරුවන්ට බැංකු සේවා සිදු කිරීමේ ඇමුණින් මහජන බැංකුව සිය දොරින් දොර ජංගම සේවාව ක්‍රියාත්මක කළා.ඒ අනුව පොළොන්නරුව දඹුල්ල , කුරුනෑගල , ගම්පහ , පුත්තල , මඩකලපුව , කොළඹ සහ කළුතර යන දිස්ත්‍රික්කවල මෙම ජංගම බැංකුකරණ සේවාව ක්‍රියාත්මක කෙරුණා.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 2, 2020 18:59

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්