fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොරෝනා ආසාදනයෙන් මියගිය තුන්වන පුද්ගලයාගේ අවසන් කටයුතු සිදු කෙරේ (Video)

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 2, 2020 14:47

කොරෝනා ආසාදනය වීම හේතුවෙන් මියගිය තුන්වන පුද්ගලයාගේ දේහය පිළිබද අවසන් කටයුතු මුල්ලේරියාව උඩුමුල්ල පොදු සුසාන භූමියේ දී සිදු කෙරුණා.

ඊයේ (01) රාත්‍රියේ සිදුවූ කොරෝනා ආසාදිත පුද්ගලයාගේ මරණයත් සමග කොරෝනා වෛරසයෙන් මෙරටදී මියගිය සංඛ්‍යාව 03 දක්වා ඉහළ ගියා.  එම පුද්ගලයා‍ගේ දේහය පිලිබද අවසන් කටයුතු අද (02) පෙරවරුවේ සිදු කිරීමට නියමිතව තිබුණා.  ඒ ජාත්‍යන්තර නිරෝධායන නීති රෙගුලාසිවලට යටත්වයි.

එහෙත් ප්‍රදේශවාසීන්ගේ අකමැත්ත ප්‍රකාශ වීමත් සමග අවසන් කටයුතු සිදු කිරීම සම්බන්ධයෙන් ගැටලු තත්ත්වයක් මතුවුණා.  පසුව අද (02)  දහවල්  12.30 ට පමණ දේහය පිළිබද අවසන් කටයුතු මුල්ලේරියාව,  උඩුමුල්ල පොදු සුසාන භූමියේදී සිදු කෙරුණා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 2, 2020 14:47

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්