ඇමරිකාවේ කොරෝනා මරණ සංඛ්‍යාව පන්දහස ඉක්මවා තිබෙනවා. ඒ අලුතෙන් වාර්තාවූ මරණ 10 ත් සමග. ඒ අනුව ආසාධිතයන් සංඛ්‍යාව දෙලක්ෂ පහලොස් දහස් තුන්සිය හතලිස් හතරක් දක්වා වැඩිවී ඇති බවයි විදෙස් ප්රවෘත්ති වාර්තා සදහන් කළේ.
කොරෝනා හේතුවෙන් වැඩිම බලපෑමක් එල්ලවී තිබෙන්නේ ඉතාලියට. ආසාධිතයන් සංඛ්‍යාව එක්ලක්ෂ දස දහස් පන්සිය හැත්තෑ හතරක්. මරණ දහතුන් දහස් එකසිය පනස් පහක් වාර්තා වුණා. ඉන්පසුව බලපෑම් මතුව තිබෙන්නේ ස්පාඤ්ඤයට බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ. ඒ ආසාධිතයන් එක්ලක්ෂ හාරදහස් එකසිය දහ අට දෙනෙකු හදුනාගැනීමත් සමග. සිදුව ඇති මරණ සංඛ්‍යාව 9387 ක්.
ඒ අනුව ලොවපුරා රටවල් 203 කින් මේවන විට කොරෝනා ආසාධිතයන් නවලක්ෂ තිස්හය දහස් හයසිය හැත්තෑවක් තහවුරු කරගෙන තිබෙනවා. මියගිය ගණන හතලිස් හත්දහස් දෙසීය පනස් නවයක්. එක්ලක්ෂ අනුහතර දහස් පන්සිය අනු නව දෙනෙකු සුවය ලබාඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.