පවත්නා අර්බුදකාරී තත්ත්වය හමුවේ ඉදිරියේදී ඇති විය හැකි ආහාර අර්බුදයට මුහුණ දීම සඳහා රටම සූදානම්වෙමින් පවතිනවා. ඒ අනුව බොහෝ ස්ථානවල වගා කටයුතු දැනටමත් සිදුකෙරෙනවා.
ගෙවතු වගාව සඳහා අවශ්‍ය බීජ හා පැළ මිලදී ගැනීම සඳහා ඇඳිරිනීතිය ඉවත් කළ අවස්ථාවේදී බද්දේගම ඉඟුරුපත්විල ගොවිපොළ වෙත විශාල පිරිසක් පැමිණ සිටි අයුරු දක්නට ලැබුණා. කඩිනමින් ගෙවතු වගාව සඳහා යොමුවන ලෙසට රජය කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් තමන් මෙම වගා සංග්‍රාමයට යොමු වූ බවයි බීජ හා පැළ මිලදී ගැනීමට පැමිණි පිරිස ප්‍රකාශ කළේ.
වලවේ කලාපයේ ගොවි ජනතාවට මෙවර මාස් කන්නයේ ජලය නිකුත් කිරිමටත් පෙර අතිරේක බෝග වගාව සඳහා ලබා දෙන ජලය යොදා ගනිමින් වි වගාව මේ වන විටත් ආරම්භ කර තිබෙනවා. ඇඳිරිනීතිය ක්‍රියාත්මක වුව ද ගොවීන්ට වගා කටයුතු සඳහා ලබා දී ඇති අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් උඩවලව ජලාශය යටතේ වගා සිදු කරන ගොවීන් සිය වගා කටයුතු ආරම්භ කළා.