කොරෝනා වෛරසය පාලනය සඳහා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග එක්සත් ජාතික පක්ෂයේ ප්‍රසාදයට ලක් වුණා.
වෛරසයේ ව්‍යාප්තියත් සමඟ රට පත්ව ඇති තත්ත්වය පිළිබඳ රජය හා එම පක්ෂය අතර පැවති සාකච්ඡාවකදීයි මේ බව අවධාරණය කෙරුණේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනුයි සාකච්ඡාව පැවැත්වුණේ.
කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්ත වීම වැළැක්වීමට රජය මෙතෙක් ගෙන ඇති ක්‍රියාමාර්ග සහ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ ජනාධිපතිතුමා මෙහිදී දිර්ඝ වශයෙන් කරුණු පැහැදිලි කළා. වෛරසය ආසාදනය වූවන්ගෙන් වැඩි පිරිස නිරෝධායන මධ්‍යස්ථානවලින් හඳුනා ගත් අය හෝ වෛරසය වැළඳුණු පුද්ගලයන් සමීපව ඇසුරු කළ අය ලෙස හඳුනා ගැනීමට හැකිවීම මෙහි ව්‍යාප්තිය පාලනය කර ගැනිමට මහත් පිටිවහලක් වූ බවයි ජනාධිපතිතුමා මෙහිදී කියාසිටියේ.
ජන ජීවිතය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාම සඳහා කාර්ය සාධක බලකාය මඟින් ක්‍රියාත්මක වැඩපිළිවෙළ පිළිබඳ එහි ප්‍රධානී සහ ජනාධිපති විශේෂ නියෝජිත බැසිල් රාජපක්ෂ මහතා කරුණු පැහැදිලි කළා. දිවයිනේ හඳුනාගත් පවුල් හැටපන් ලක්ෂයෙන් පවුල් ලක්ෂ 53 කට ලබන 9 වනදාට පෙර රුපියල් පන්දහස බැගින් ලබා දෙන බවයි බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී කියාසිටියේ.
වැඩපිළිවෙළ නිර්දේශපාලනීකරණය විය යුතු බවට දෙපාර්ශ්වයම එකඟ වුණා. රටේ ආර්ථික ක්‍රියාවලිය බිඳ නොවැටී අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා විවිධ පාර්ශ්ව මුහුණ දී ඇති ගැටලු හා ඒවාට දිය හැකි විසඳුම් පිළිබඳ දෙපාර්ශ්වයේ අවධානය යොමු කෙරුණා.
එමෙන්ම සෞඛ්‍ය හා ආරක්ෂක අංශවල කැපවීම මෙම සාකච්ඡාවේදි දැඩි ප්‍රසාදයට ලක්වුණා. සාකච්ඡාවට එක් වූ කණ්ඩායම දිස්ත්‍රික් වශයෙන් සිය පක්ෂ නියෝජිතයන් දැනුවත් කිරීමට ද එකඟ වුණා. සාකච්ඡාවෙන් අනතුරුව මහජන නියෝජිතයන් කිහිප දෙනෙකු මාධ්‍ය වෙත අදහස් දැක්වුවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/bMJzHEno-L8″]