නාවික හමුදාව අත්අඩංගුවට ගත් රුපියල් බිලියන 12 කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගය දික්ඕවිට වරායට රැගෙන එනු ලැබුවා.
ගාල්ලට නිරිත දිගින් මුහුදු සැතපුම් 460 ක් දුරින් වූ ගැඹුරු මුහුදේ දී අත්අඩංගුවට ගත් අයිස් මත්ද්‍රව්‍ය කිලොග්‍රෑම් 605 ක් හා කැටමයින් මත්ද්‍රව්‍ය කිලොග්‍රෑම් 579 ක් මීට ඇතුළත්. නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා මෙම මෙහෙයුම සිදුකළ ආකාරය මාධ්‍ය හමුවේ පැහැදිලි කළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/-nDdqxeIaNo”]
නාවික හමුදාව නිරීක්ෂණය කළ සැකකටයුතු බහුදින යාත්‍රාවක් පරීක්ෂා කිරීමේ දීයි මෙම මත්ද්‍රව්‍ය සොයා ගැණුනේ. පාකිස්තාන ජාතිකයින් නව දෙනෙකු ද මෙහිදී අත්අඩංගුවට ගැණුනා. මත්ද්‍රව්‍ය තොගය පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත භාරදීමටයි නාවික හමුදාව කටයුතු යොදා ඇත්තේ.