fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සියලු තරඟ කල්දැමිමට ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සියල තීරණය කරයි

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 1, 2020 10:48

ලොව පුරා කොරෝනා වසන්ගතය හේතුවෙන් සියලු තරග කල්දැමිමට ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සියල තීරණය කළා.

ලබන වසරේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ සුදුසුකම් ලැබිමේ තරගද ඊට ඇතුලත්. කුවේට්හි සත්කාරකත්වයෙන් අපේ‍්‍රල් මස පැවැත්වීමට නියමිතව තිබූ විස්සයි විස්ස ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ ආසියා කළාපීය ඒ කොටසේ තරගාවලියද කල්දමා තිබෙනවා.

මැලේසියාව, දකුණු අප‍්‍රිකාව , ස්පාඤ්ඤය ,බෙල්ජියම සහ පින්ලන්තයේදී අනෙකුත් සුදුසුකම් ලැබීමේ තරග පැවැත්වීමටයි නියමිතව තිබුනේ. ඒවාද කල්දැමුනා.

මීට අමතරව 2023 එක්දින ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරගද කල් දැමීමටයි ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සියල තීරණය කර තිබෙන්නේ.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 1, 2020 10:48

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්