කොරෝනා වෛරස ව්‍යාප්තිය පිළිබඳ සලකා ඉහළ අවදානමක් සහිත කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ , ගම්පහ , කලුතර , පුත්තලම , මහනුවර හා යාපනය යන දිස්ත්‍රික්වල දැන් ක්‍රියාත්මක ඇඳිරිනීතිය යළි දැනුම් දෙන තුරු අඛණ්ඩවම බලපැවැත්වෙන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරනවා.
දැඩි අවදානම් කලාප හැර සෙසු දිස්ත්‍රික්වල අද පෙරවරු 6 ට ඉවත් කළ ඇඳිරිනීතිය පස්වරු 2 ට යළි ක්‍රියාත්මකයි. එය අප්‍රේල් 6 වන සඳුදා පෙරවරු 6 දක්වා එලෙසම පවතින බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. මෙම දිස්ත්‍රික්වල ඇඳිරිනීතිය අප්‍රේල් 6 වන සඳුදා පස්වරු දෙකේ සිට යළි ක්‍රියාත්මක කෙරෙනවා.
අත්‍යවශ්‍ය සේවා හැර වෙනත් කාර්යයන් සඳහා දිස්ත්‍රික් අතර ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම් කර තිබෙනවා. අත්‍යවශ්‍ය සේවා කාර්යක්ෂම පවත්වාගෙන යාම සඳහා යොදා ඇති ක්‍රමවේද අවභාවිත කරන අයට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කෙරෙනවා. ඇඳිරිනීතිය බලපැවැත්වෙන කාලය තුළ ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා වෙනත් භාණ්ඩ නිවසේ සිටම මිලදී ගත හැකි වන පරිදි අඛණ්ඩව සැපයීමට රජය සියලු විධිවිධාන සලසා තිබෙනවා.
කවර දිස්ත්‍රික්කයක වුව ද ගොවිතැන් කරන කුඩා තේ වතු හා අපනයන බෝග නිෂ්පාදන ක්‍රියාවලියේ නිරත ජනතාවට එම කටයුතුවල නිරත වීමට අවසර හිමිවනවා. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය නතර කිරීමට ඉවහල් වන ක්‍රියාමාර්ග ගෙන ඇත්තේ හුදෙක් ජනතාවගේ සුබ සිද්ධිය උදෙසා බැවින් එකී ක්‍රියාමාර්ග හා උපදෙස් වගකීමෙන් පිළිපදින ලෙස ජනතාවගෙන් රජය ඉල්ලා සිටිනවා.
කලුතර හා මහනුවර දිස්ත්‍රික්වල හුදෙකලා ප්‍රදේශ ලෙස නම්කර ඇති ගම්මාන හුදෙකලා ප්‍රදේශ ලෙසම තවදුරටත් සැලකෙනවා. කිසිවෙකුටත් මෙම ගම්මානවලට ඇතුලු වීමට හෝ ඉන් පිටවීම යළි දැනුම් දෙන තුරු සම්පූර්ණයෙන්ම තහනම් කර තිබෙනවා.