fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජනදුක නිවන්න රූපවාහිනී මහ ගෙදරින් මනුෂ්‍යත්වයේ සත්කාර්ය දියත් කෙරේ

ITN News Editor
By ITN News Editor මාර්තු 31, 2020 18:54

කොරෝනා ව්‍යසනයෙන් පීඩාවට පත් අපේම ජනතාවට සහන සැළසීමට ITN මනුෂ්‍යත්වයේ සත්කාර්ය ආරම්භ කෙරුණා.

ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය , රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය , වෘත්තිකයින්ගේ ජාතික පෙරමුණ හා නිදහස් කලා සන්ධානය එක්වයි මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නංවා ඇත්තේ.

ව්‍යාපෘතියට ආධාර ලබාදීම සඳහා 1930 දුරකතන අංකය ඔස්සේ සම්බන්ධ විය හැකියි. ආධාර අවශ්‍ය කරන අයට ද එම දුරකතන අංකයට දැනුම්දීමේ පහසුකම් සළසා තිබෙනවා.

ITN මනුස්‍යත්වයේ සත්කාර්ය සමඟ වයස අවුරුදු 10 ක දරුවෙකු ද එක්වුණේ පීඩාවට පත්ව සිටින අපේම ජනතාවට සහන සැළසීමටයි. ඉෂිලි සිරිබද්දන නමැති මෙම දියණිය තමන් මුදල් එකතුකළ කැටය හා උපන් දිනයට ලැබුණු මුදල් ත්‍යාග මනුෂ්‍යත්වයේ සත්කාර්යයට පරිත්‍යාග කළා.

එමෙන්ම ව්‍යාපාරික සුනිල් ලියනාරච්චි මහතා ද රුපියල් ලක්ෂයක මුදලක් ලබාදුන්නා. තම බිරිදගේ දානමය පුණ්‍යකර්මය සඳහා මෙසේ වෙන්කර තිබූ මුදල් පරිත්‍යාග කළා. ඔබටත් ITN මනුෂ්‍යත්වයේ සත්කාර්යය සමඟ එක්විය හැකියි. ඒ වෙනුවෙන් ලංකා බැංකුවේ හා මහජන බැංකුවේ ගිණුම් දෙකක් ආරම්භකර තිබෙනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 31, 2020 18:54

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්