fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තවත් කොරෝනා රොගීන් දෙදෙනෙකු සුවය ලබා රෝහලෙන් පිටව යයි

ITN News Editor
By ITN News Editor මාර්තු 31, 2020 12:50

සුවය ලැබූ තවත් කොරෝනා රෝගීන් දෙදෙනෙකු රෝහල්වලින් පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.

ජාතික බෝවන රෝග විද්‍යායතනයේ සහ මුල්ලේරියාව මූලික රෝහලේ ප්‍රතිකාර ලැබූ දෙදෙනෙකුයි මෙලෙස සම්පූර්ණ සුවය ලබා තිබෙන්නේ.

මෙරටින් වාර්තා වූ කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 122 ක්. මේ වනවිට රෝගීන් 16 දෙනෙකු සුවය ලබා ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා. කොරෝනා බවට සැක කෙරෙන රෝගීන් 173 දෙනෙකු මේ වනවිට රෝහල් කිහිපයක නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටිනවා. ඉන් වැඩිම පිරිසක් රෝහල් ගතව ප්‍රතිකාර ලබන්නේ ජාතික බෝවන රෝග විද්‍යායතනයේයි.

කොරෝනා රෝගීන් බවට තහවුරු කළ රෝගීන්ගෙන් වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ නිරෝධායන මධ්‍යස්ථානවලින්. එම සංඛ්‍යාව 34 ක්. කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 30 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. කළුතර දිස්ත්‍රික්කයෙන් 18 දෙනෙකු , පුත්තලම දිස්ත්‍රික්කයෙන් 15 දෙනෙකු සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් 11 දෙනෙකු ලෙසයි වාර්තා වී ඇත්තේ.

 

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 31, 2020 12:50

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්