2020 ටෝකියෝ ඔලිම්පික් උළෙල ලබන වසරේ ජූලි 23 වනදා පැවැත්වීමට තීරණය කර තිබෙනවා.
අගෝස්තු 8 වනදා දක්වා තරඟාවලිය පැවැත්වෙන බවයි ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව පවසන්නේ. එහි විධායක සභාව ඊයේ (30) රැස්වුණා. ඉන් අනතුරුවයි තීරණයට එළඹ තිබෙන්නේ. ඊට සමගාමීව පැරාලිම්පික් තරඟාවලිය ද කල්දමා තිබෙනවා. එය ලබන වසරේ අගෝස්තු 24 වනදා සිට සැප්තැම්බර් 5 වනදා දක්වා පැවැත්වීමටයි තීරණය වුණේ.
සියලුදෙනා එක්ව කටයුතු කිරීමෙන් මෙම තත්වයට සාර්ථකව මුහුණදීමට හැකි වනු ඇතැයි ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති තෝමස් බැච් සඳහන් කළා. ලොවපුරා සියලු මළල කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ගේ සෞඛ්‍ය ප්රමුඛත්වයෙහිලා සලකමින් තීරණයට එළඹි බව ද ඔවුන් ප්‍රකාශ කළා.
කොරෝනා වයිරස තත්වයත් සමඟ ලොවපුරා ප්‍රධාන කී‍්‍රඩා ඉසව් ගණනාවක් කල්දැමීමටයි තීරණය කළේ. යුරෝපා කුසලාන පාපන්දු තරඟාවලිය ද ලබන වසර දක්වා කල්දැමුණා. ලෝක මළල කී‍්‍රඩා ශූරතාවලිය ද 2022 වසර දක්වා කල්දැමීමටයි සංවිධායකයන් තීරණය කළේ.