දිවයින පුරා දැනට ක්‍රියාත්මක ඇඳිරිනීතිය කොළඹ , ගම්පහ , කලුතර , පුත්තලම , මහනුවර හා යාපනය යන දිස්ත්‍රික් හැර සෙසු ප්‍රදේශවල හෙට උදෑසන 06ට තාවකාලිකව ඉවත් කෙරෙනවා.
යළි එදිනම පස්වරු දෙකට ඇඳිරිනීතිය ක්‍රියාත්මකයි. ඇඳිරිනීති රෙගුලාසි අනිවාර්යයෙන්ම පිළිපදින ලෙසයි රජය ජනතාවට අවධාරණය කරන්නේ. ඇඳිරිනීතිය කඩ කරන්නන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් පොලීසිය මඟින් අඛණ්ඩවම සිදු කරනවා. අත්‍යවශ්‍ය සේවා හැර වෙනත් කාර්යන් සඳහා දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම් කර තිබෙනවා. අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම සඳහා ගෙන ඇති ක්‍රමවේදය අවභාවිත කරන අයට එරෙහිව ද නීතිය තදින් ක්‍රියාත්මක කරන බවයි අවධාරණය කෙරෙන්නේ.