fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොරෝනා ආසාදිතයකු හමුවීමත් සමඟ පුත්තලම කඩුමයාකුලම ගම්මානය සම්පූර්ණයෙන්ම වසා දැමේ

ITN News Editor
By ITN News Editor මාර්තු 30, 2020 13:53

කොරෝනා ආසාදිතයකු හමුවීමත් සමඟ පුත්තලම කඩුමයාකුලම ගම්මානය සම්පූර්ණයෙන්ම වසා දැමීමමට සෞඛ්‍ය අංශ පියවර ගත්තා.

ආගමික ප්‍රචාරත කටයුත්තක් සඳහා ඉන්දුනීසියාවට ගොස් ආපසු පැමිණි මෙම ගම්මානයේ අයෙකු ට කොරෝනා ආසාදනය වී ඇති  බවට තහවුරු වීමත් සමඟයි පුත්තලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මෙම පියවර ගනු ලැබුවේ.

එම පුද්ගලයාගේ නිවස මුද්‍රා තබා ඇති අතර ඔහු අසුරු කළ පුද්ගලයන් 30 දෙනෙකු නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඔවුන් පුත්තලම සහීරා විද්‍යාලයේ නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කිරීමටයි කටයුතු යොදා ඇත්තේ. කඩුමයාකුලම් ගම්මානයට ඇතුළු වන මාර්ග වසා දමා ඇති අතර ආරක්ෂිත පියවරක් ලෙස මෙය අනුගමනය කෙරෙන බවයි සෞඛ්‍ය නිලධාරීන් පවසන්නේ.

 

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 30, 2020 13:53

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo