පවතින දත්ත විශ්ලේෂණය කොට ඇදිරිනීතිය පැනවීම , ඊට අදාළ ප්‍රදේශ තෝරාගැනීම මෙන්ම හුදකලා ප්‍රදේශ තීරණය කිරීම රජයේ ඉහළ මට්ටමෙන් සිදු කෙරෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.
කිසියම් ප්‍රදේශයක ඇදිරි නීතියෙහි වෙනසක් සිදු කිරීමට අවශ්‍ය වුවහොත් සියලු තොරතුරු කොරෝනා මර්දනය සඳහා පිහිටුවා ඇති කාර්ය සාධක බලකාය වෙත යොමු කළ යුතු වනවා. ජන ජීවිතය අපහසුතාවට පත් කරන කිසිඳු තීරණයක් ප්‍රාදේශීය මට්ටමෙන් ගත යුතු නැති බවයි ජනාධිපති මාධ්‍ය අංශය අවධාරනය කරන්නේ.