fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දිස්ත්‍රික්ක කිහිපයකට හැර සෙසු දිස්ත්‍රික්කවලට පැනවු ඇඳිරිනීතිය ඉවතට-යළි පස්වරු 2ට පැනවෙයි

ITN News Editor
By ITN News Editor මාර්තු 30, 2020 08:29

කොළඹ , ගම්පහ , කලුතර , පුත්තලම , මහනුවර හා යාපනය යන දිස්ත්‍රික් හැරුණු විට දිවයිනේ සෙසු දිස්ත්‍රික්වලට පනවා තිබූ ඇඳිරිනීතිය අද පෙරවරු 6 ට ඉවත් කෙරුණා. එය පස්වරු 2 ට යළි පැනවෙන බව රජය නිවේදනය කරනවා.

කොළඹ , ගම්පහ , කලුතර , පුත්තලම , මහනුවර හා යාපනය යන දිස්ත්‍රික්වලට පනවා තිබූ ඇඳිරිනීතිය නැවත දැනුම් දෙන තුරු අඛණ්ඩව ක්‍රියාත්මකයි.

ඇඳිරිනිතිය ඉවත් කෙරුණු සෙසු දිස්ත්‍රික්වල ජනතාවට පස්වරු 2 දක්වා අත්‍යවශ්‍ය ආහාර ඇතුලු අනෙකුත් ද්‍රව්‍ය මිලදී ගැනීමට පහසුකම් පවතිනවා. දිස්ත්‍රික් අතර ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම් වන අතර අත්‍යවශ්‍ය සේවාවලට පමණක් ඒ සඳහා අවසරය හිමිවනවා.

ඇඳිරිනිතිය අවභාවිත කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක බවයි පොලීසිය පවසන්නේ.කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය අවම කිරීමට ඉවහල් වන ක්‍රියාමාර්ග ගෙන ඇත්තේ ජනතාවගේ සුබසිද්ධිය උදෙසායි. එම ක්‍රියාමාර්ග හා උපදෙස් වගකීමෙන් යුතුව පිළිපදින ලෙස රජය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ITN News Editor
By ITN News Editor මාර්තු 30, 2020 08:29

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්