ඇඳිරිනීතිය පැවතුණත් විශ්‍රාම වැටුපත් වැඩිහිටි දීමනාවත් නිවසටම ගෙනැවිත් දීමට රජය සූදානම්
Related Articles
පවතින ඇදිරිනීති තත්ත්වය සමග විශ්‍රාම වැටුප හා මාසික වැඩිහිටි දීමනාව නිවසට ගෙනැවිත්දීමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට අනුමැතිය හිමිවී තිබෙනවා.
අග්‍රාමාත්‍ය හා මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අනුමැතිය යටතේ මෙම දීමනා විශ්‍රාමිකයින්ට හා වැඩිහිටියන්ට නිවෙස් වලට ලබාදීම ලබන මස තුන්වනදා සිට සිදුකෙරෙනවා. රාජ්‍ය සේවකයින් සදහා වාර්ෂික උත්සව අත්තිකාරම් දීමනාව ලබාදීමට ද ජනාධිපතිතුමාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ අනුමැතිය හිමිවී තිබෙනවා.
එසේම සමෘද්ධි පවුල් විසිතුන් ලක්ෂයකට රුපියල් පන්දහසක දීමනාවක් ද ලබාදීමට නියමිතයි. ආබාධිත දීමනාව නොලබන පොරොත්තු ලේඛනයේ සිටින ආබාධිත වූවන්ට ද අදාළ දීමනාව ගෙවීම සිදුකෙරෙනු ඇති.
අත්‍යාවශ්‍ය සේවාවන් පිළිබද ජනාධිපති කාර්යසාධක බලකාය එහි ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී අද (28) පෙරවරුවේ රැස්වූ අවස්ථාවේ දී මේ බව අනාවරණය කෙරුණා. මෙම තීරණ ක්‍රියාත්මක කිරීමට කාර්ය සාධක බලකාය මැදිහත්ව කටයුතු කරනු ඇති.