වැඩ නොකරන සතියක් ප්‍රකාශයට පත් කිරීමට රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටින් කටයුතුකර තිබෙනවා.
නව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව දහස ඉක්මවීමත් සමගයි මෙම තීරණය ගෙන තිබෙන්නේ. වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තා වන්නේ මොස්කව් නගරයෙන්. ලබන මස පස්වනදා තෙක් ක්‍රියාත්මක වීමට නියමිත වැඩ නොකරන සතියක කාලය තවදුරටත් දීර්ඝ කිරීමට ඉඩ ඇති බවයි එරටින් ලැබෙන වාර්තා සදහන් කරන්නේ.
මේ වනවිට ලොව පුරා නව කොරෝනා වෛරසය ආසාදිතයින් ලක්ෂ හය ඉක්මවන බව විදෙස් වාර්තා සදහන් කරනවා.