fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මුස්ලිම් සහෝදරයින්ට ඉල්ලීමක්

ITN News Editor
By ITN News Editor මාර්තු 28, 2020 16:38

ලෝකයටම බලපා ඇති වසංගත තත්වයක් හමුවේ මුස්ලිම් ප්‍රජාවද රජයේ නීති නිර්දේශවලට අවනත වෙමින් නීති ගරුක පුරවැසියන් ලෙස කටයුතු කරන ලෙස සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

සිකුරාදා ජුමුආ නැමදුම තම තමන්ගේ නිවෙස්වලම ඉටුකර රජයේ නියෝග පරිදි සියලුම ආකාරයේ ආගමික හා සමාජමය එක් රැස්වීම් ද නවතා දමා ඇති බව නිවේදනයේ සදහන්.

ඉස්ලාම් භක්තිකයෙකුගේ මරණයකදී අවසන් කටයුතු පැවැත්වී සම්බන්ධව සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාවේ විශේෂ ඉල්ලීමක් කර තිබෙනවා.

මුස්ලිම්වරයෙකු අභාවයටපත් වූ විට පහත කරුණු අනුගමනය කරන මෙන් සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව ලාංකේය මුස්ලිම් ප්‍රජාවගෙන් ඉල්ලා සිටියි :

01. මරණයක් සිදුවු වහාම ඔබ අයත් වන පොලිස් ස්ථානයට එය පිළිබදව දැන්විය යුතුය.
02. පොදු ජනතාවට මරණය සම්බන්ධව දන්වන විට අවසන් කටයුතු සඳහා බොහෝ දෙනෙක් එක් රැස්වීමට නොහැකි හෙයින් තම නිවෙස් වලම සිට අභාවයට පත් වූ තැනැත්තා වෙනුවෙන් ප්‍රාර්ථනා කරන මෙන් ඉල්ලා සිටිය යුතුය.
03. ජනාසා නැමදුම සඳහා ගෙනයන විට අදාළ පොලිසිය විසින් අනුමැතිය දුන් සංඛ්යාවේ තැනැත්තන් පමණක් එය සමග යායුතුය.
04. මරණය සිදුවූ නිවසේ මිනිසුන් රැස්වන විට සෞඛ්‍ය බලධාරීන් විසින් ලබාදී ඇති මාර්ගෝපදේශ ඉතා සැලකිල්ලෙන් යුතුව අනුගමනය කළ යුතුය.
05. ජනාසාව ස්නානය කරවන අය පමණක් නොව එය සමග සුසාන භූමියට යන පුද්ගලයන් සියලු දෙනාම මුඛ හා නාස් ආවරණ නොවරදවා පැළඳ ගත යුතුය.
06. ජනාසා සලාතය මස්ජිද් පරිශ්රනයේ සිදුකළයුතුය.
07. ජනාසා සලාතය සඳහා සිට ගන්නා විට උරෙනුර ගැටී සිට ගැනීම සාමාන්‍ය රීතිය වුවද මෙවන් අවස්ථාවක මඳක් ඈත්ව සිට ගැනීමට ඉස්ලාමය අනුමැතිය ලබා දෙන හෙයින් එසේ සිටගත යුතුය.
08. භූමදානය කරන විට අත්‍යවශ්‍ය කිහිපදෙනෙකු පමණක් ඒ වටා සිටිය යුතු අතර අන්අය ඈතින් හා එක්රෝක් නොවී විසිරී සිටිය යුතුය.

වැඩි විස්තර සහිතව එම නිවේදනය පහතින්….

 

ITN News Editor
By ITN News Editor මාර්තු 28, 2020 16:38

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්