fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇදිරි නීතිය කාලයේ දී ආහාර ප්‍රවාහනයට අපහසුතා ඇති නොකරන්නැයි අගමැතිගෙන් පොලිසියට උපදෙස්

ITN News Editor
By ITN News Editor මාර්තු 28, 2020 11:45

ඇඳිරිනීතිය තදින්ම ක්‍රියාත්මක වන අතර ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනයේදී අපහසුතා මෙන්ම අවහිරතා ඇති නොකරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා වැඩබලන පොලිස්පති සි වී වික්‍රමරත්න මහතාට උපදෙස් දී තිබෙනවා.

එළවළු,  පළතුරු සහ පොල් ඇතුලු ආහාර ද්‍රව්‍ය මැනිං වෙළෙඳපොළට මෙන්ම ආර්ථික මධ්‍යස්ථාන කරා ප්‍රවාහනය කිරීමේදී ඊට අවශ්‍ය අවසරය ලබා දෙන ලෙස අග්‍රාමාත්‍යවරයා පොලිස්පතිවරයාට දැනුම් දුන්නා.

මෙම ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනයේදී අපහසුතා හා අවහිරතා සිදුවන බවට ලැබුණු තොරතුරු පිළිබඳව ද අග්‍රාමාත්‍යවරයාගේ විශේෂ අවධානය යොමුව තිබෙනවා. කොවිඩ් නයින්ටින් ව්‍යසනය පිළිබඳ සැහැල්ලුවෙන් නොසිතන ලෙස ද අග්‍රාමාත්‍යවරයා දැනුම් දෙනවා. ලොව පුරා මරාන්තික වසංගතයක් ලෙස ඉතා වේගයෙන් මෙය පැතිර යන බැවින් වෛද්‍ය උපදෙස් පිළිපදිමින් රජය ගෙන යන වැඩපිළිවෙළට සහාය දක්වන ලෙසට ද අග්‍රාමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

 

ITN News Editor
By ITN News Editor මාර්තු 28, 2020 11:45

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්