fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සෞඛ්‍ය අංශයේ නිර්දේශ මත බැංකු කටයුතු පවත්වාගෙන යාමට වැඩපිළිවෙලක්

ITN News Editor
By ITN News Editor මාර්තු 27, 2020 18:15

සෞඛ්‍ය අංශයේ නිර්දේශ මත බැංකු කටයුතු පවත්වාගෙන යාමට වැඩපිළිවෙලක්

සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශයන් පිළිගන්නා අතරම ජාතික ආර්ථිකය ශක්තිමත්ව පවත්වාගෙන යාමට උනන්දු විය යුතු බව අත්‍යාවශ්‍ය සේවාවන් පිළිබද ජනාධිපති කාර්යසාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා අවධාරණය කළා.

අත්‍යාවශ්‍ය සේවාවන් පිළිබද ජනාධිපති කාර්ය සාධක බලකායේ රැස්වීම අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා. බැංකු හා මූල්‍ය ක්ෂේත්‍රය සම්බන්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ප්‍රධානීන් මෙම රැස්වීමට එක්ව සිටියා. එහිදී ප්‍රධාන වශයෙන් කරුණු කිහිපයක් පිළිබද සාකච්ඡා කෙරුණා. ජාත්‍යන්තර ගණුදෙනු සදහා සියලු වාණිජ බැංකු කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම,  චෙක්පත් නිශ්කාශන කටයුතු නිසි පරිදි සිදු කිරීම,  ඒටීඑම් යන්ත්‍ර නිසි පරිදි පවත්වා ගැනීම සහ ඒටීඑම් ජංගම සේවා පැවැත්වීමේ හැකියාව මෙන්ම අවම සේවක පිරිසකගෙන් බැංකු ශාඛා සේවා අඛණ්ඩව පවත්වාගැනීම ඊට ඇතුළත්.

ඇදිරිනීතිය බලපැවැත්වෙන ප්‍රදේශවල සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම අවම වශයෙන් එක් බැංකු ශාඛාවක් නිශ්චිත පැය ගණනකට විවෘතව තැබීමට මෙහිදී එකගතාව පළවුණා. මෙවැනි අවදානම් අවස්ථාවකදී බැංකු තම ගණුදෙනු කරුවන් ආයතන වෙත කැදවීමට වඩා බැංකුව ගණුදෙනුකරුවන් වෙත යාමේ ක්‍රියාමාර්ග මෙන්ම ජංගම බැංකු සේවාවක් හදුන්වාදීමේ අවශ්‍යතාව ද මෙහිදී අවධාරණය කෙරුණා.

 

ITN News Editor
By ITN News Editor මාර්තු 27, 2020 18:15

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්