fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

විශ්ව විද්‍යාලවල 2020 සඳහා ලියාපදිංචි වීමට සිසුන්ට ලබාදුන් කාලය යළි දීර්ඝ කෙරේ

ITN News Editor
By ITN News Editor මාර්තු 27, 2020 18:35

විශ්ව විද්‍යාලවල 2020 සඳහා ලියාපදිංචි වීමට සිසුන්ට ලබාදුන් කාලය යළි දීර්ඝ කෙරේ

2020 වර්ෂය වෙනුවෙන් විශ්ව විද්‍යාල සඳහා ලියාපදිංචි වීමට සිසුනට ලබාදී තිබුණු කාල සීමාව තවත් සති දෙකකින් කල් ගෙවීමට කටයුතු කර ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ප්‍රකාශ කරනවා.
ඒ අනුව සිසුනට නිම ලියාපදිංචිවීමේ කාලසීමාව මාර්තු 26 තෙක් බල පවත්නා බව මින් පෙර දැනුම් දී තිබුණ ද රට තුළ පවත්නා තත්ත්වය මත එම කාල සීමාව තවත් සති දෙකකින් එනම් අප්‍රියෙල් 09වන දින තෙක් කල් දමා තිබෙනවා.
එමෙන්ම ඉදිරියේදී මතුවන තත්ත්වයන් සලකා බලා 2020 විශ්වවිද්‍යාල ප්‍රවේශයට ලියාපදිංචි වීමට අපේක්ෂිතකිසිදු කිසිවකු අපහසුතාවයට පත් නොවන පරිදි එම කාලසීමාව තවදුරටත් කල් දැමීමට වුවද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සූදානම් බව සභාපතිවරයා මෙහිදී අවධාරණය කළා.
මේ හා සම්බන්ධයෙන් ඉදිරි සැලසුම් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ වෙබ් අඩවිය හා ජනමාධ්‍ය මහජනතාව වෙත දැනුම් දීමට පියවර ගන්නා බවද මහාචාර්ය සම්පත් අමරතුංග මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

 

ITN News Editor
By ITN News Editor මාර්තු 27, 2020 18:35

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්