fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වවුනියාවට ඇතුල්වන සියළු වාහන විෂබීජ හරණය කරයි

ITN News Editor
By ITN News Editor මාර්තු 27, 2020 13:39

උතුරු පළාතේ යාපනය හැර අනෙකුත් දිස්ත්‍රික්ක සඳහා  ඇඳිරිනීතිය තාවකාලිකව ඉවත් කිරීමත් සමඟ ජනතාව අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා වවුනියාව නගරයට පැමීණ තිබුණා.

මේ හේතුවෙන් නගරය තුල විෂබීජ පැතිරීයාම අවම කිරීම සඳහා විශේෂ වෙළඳ හා ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වුණා.

මේ අතර වවුනියාව නගරයට පැමිණෙන හා පිටවන සියළු රථවාහන විෂබීජ හරණය කිරීමේ වැඩසටහනක් වවුනියාව ඊරට්ටපෙරියකුලම පොලිස් මාර්ග බාධකය අසලදී සිදුකෙරුණේ ශ්‍රී ලංකා පොලිසියේ මෙහෙයවීමෙන්.

ඒ අනුව පොලිස් මාර්ග බාධකය හරහා ගමන් කරන පුද්ගලික හා රජයේ සියළු වාහන ඇඳිරීනීතිය නැවත පැනවෙන තුරු විෂබීජ හරණය කිරීමට කටයුතු කෙරෙන බවයි පොලිසිය සඳහන් කළේ.

වෙනදා මෙන් වවුනියාව නගරයේ වාහන ජනතාවගේ තදබදයක් නොතිබුණද ඉතා විශාල ජනතාවක් නගරයේ විසිරී සිටිනු දැකගත හැකිවූ බව අප වාර්තාකරු සදහන් කරනවා.

ITN News Editor
By ITN News Editor මාර්තු 27, 2020 13:39

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්