fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කටුනායකට කොටුවුණු සේවක පිරිස් නිවෙස් බලා පිටත් කරයි

ITN News Editor
By ITN News Editor මාර්තු 27, 2020 12:17

මේ වනතුරු තම නිවෙස් වෙත යෑමට නොහැකිව සිටි කටුනායක අපනයන සැකසුම් කලාපයේ සේවය කරන සේවක පිරිස් නිවෙස් වෙත රැගෙන යෑමේ වැඩසටහන අද (27) ආරම්භ කෙරුණා.

ඇඳිරිනීතිය පැවැති පසුගිය දින කිහිපය තුළ නේවාසිකාගාර තුළම රැදී සිටි 5,000 කට අධික පිරිසක් මලෙස නිවෙස් වෙත යාම සදහා අලුයම 5.00 සිට කටුනායක අපනයන සැකසුම් කලාපයට පැමිණ සිටියා. කටුනායක පොලීසිය ඊයේ (26) රාත්‍රී ශබ්දවාහිනී යන්ත්‍ර උපයෝගී කර ගනිමින් මේ පිළිබඳ පුවත ප්‍රදේශය පුරා ප්‍රචාරය කර තිබුණා.

මෙම වැඩසටහන ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය , කටුනායක පොලීසිය , ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් , කර්මාන්තශාලා හිමිකරුවන් සහ ශ්‍රී ලංකා යුද හමුදාව විසින් සංවිධානය කර තිබිණි.

සේවක පිරිස් කටුනායක පොලීසිය පිහිටුවා තිබූ මධ්‍යස්ථානයේ ලියාපදිංචි වීමෙන් අනතුරුව ඔවුන් ශ්‍රී ලංකා යුද හමුදාව විසින් සෞඛ්‍ය පරීක්ෂණයකට ලක් කරුණා. පළාත් අනුව නම් කර ඇති මෙම බස් රථ ශ්‍රී ලංකා යුද හමුදා ආරක්ෂාව මධ්‍යයේ රැගෙන ගොස් සේවක පිරිස් , ඔවුන් අයත් වන පොලීසිය වෙත භාර දීමට කටයුතු කර තිබුණා.

එම පොලීසිය විසින් මෙම සේවකයින් සිය පදිංචි නිවෙස් වෙත යොමු කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

 

ITN News Editor
By ITN News Editor මාර්තු 27, 2020 12:17

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්