ශ්‍රී ලංකාව තවමත් සිටින්නේ කොරෝනා වෛරස ආසාදන තත්ත්වය පාලනය කරගත හැකි මට්ටමේ බව වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා. මෙරටින් හමුවූ ආසාදිතයින්ගෙන් වැඩි පිරිසක් ඉතාලියේ සිට පැමිණි අය බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/wh_JimfVe9A”]
කොරෝනා ආසාදනයෙන් ජනතාව ආරක්ෂා කිරීම සදහා විෂබීජ හරණය කිරීමේ කටයුතු තවදුරටත් සිදුවනවා. මඩකලපුව බස් නැවතුම්පොලේ නිරෝධායන කටයුතු සිදුකෙරුණේ මඩකලපුව රථවාහන පොලීසියේ මූලිකත්වයෙන්. මඩකලපුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ද ඒ සදහා දායක වුණා.