fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රාජ්‍ය සේවක අපේ‍්‍රල් මස වැටුප ලබන 10 වනදාට පෙර

ITN News Editor
By ITN News Editor මාර්තු 27, 2020 11:31

රාජ්‍ය සේවකයන්ගේ අපේ‍්‍රල් මාසයට අදාල විශ‍්‍රාම වැටුප් ලබන සිකුරාදා ලබාදෙන බව මුදල් අමාත්‍යාංශය ප‍්‍රකාශ කළා. ඒ පිළිබද විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

ජනාධිපතිතුමාගේ සහ අග‍්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත ගෙවීම් සිදුකරන බවයි අමාත්‍යාංශ ලේකම් එස් ආර් ආටිගල මහතා ප‍්‍රකාශ කළේ.

මේ වනවිට විශ‍්‍රාම වැටුප් ලබන රාජ්‍ය සේවකයින් සංඛ්‍යාව හය ලක්ෂ හතලිස් දහස ඉක්මවනවා.

මේ අතර රාජ්‍ය සේවකයින්ගේ අපේ‍්‍රල් මස වැටුප ද ලබන 10 වනදාට පෙර ලබාදෙන බවයි මුදල් අමාත්‍යාංශ ලේකම් එස් ආර් ආටිගල මහතා සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor මාර්තු 27, 2020 11:31

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්