fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

Voice of America ගොඩනැගිල්ලේ කොරෝනා රෝහල සෞඛ්‍ය ඇමතිගේ නිරීක්ෂණයට

ITN News Editor
By ITN News Editor මාර්තු 27, 2020 11:26

කොරෝනා ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කිරීම සදහා හලාවත,  ඉරණවිල ඉදිකෙරෙන රෝහල අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ නිරීක්ෂණයට ලක්වුණා.

හලාවත,  ඉරණවිල ඇමරිකන් හඩ ගුවන් විදුලි සම්ප්‍රේක්ෂණාගාරය පවත්වාගෙන ගිය භූමියේයි මෙම කොරෝනා ප්‍රතිකාර රෝහල ඉදිකෙරෙන්නේ. ඊයේ (26) රාත්‍රියේ එම පරිශ්‍රයට පැමිණි අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඇතුළු පිරිස එහි කටයුතු සොයා බැලුවා.

අක්කර 400 ක භූමි ප්‍ර දේශයක් මීට ඇතුළත්. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ,  යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යන මහත්වරු ද මෙම නිරීක්ෂණ චාරිකාවට එක්ව සිටියා.

 

ITN News Editor
By ITN News Editor මාර්තු 27, 2020 11:26

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්