fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රජයේ නියෝග ක්‍රියාත්මක නොවේනම් ජනාධිපති කාර්යාලය අමතන්න – දැන් පැය 24 පුරා ක්‍රියාත්මකයි

ITN News Editor
By ITN News Editor මාර්තු 27, 2020 09:25

මහජන පැමිණිලි සඳහා ජනාධිපති කාර්යාලයේ මහජන සම්බන්ධතා අංශය පැය 24 පුරා විවෘතව තැබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි පවත්නා තත්ත්වය පදනම් කර ගනිමින් මහජන පැමිණිලි භාර ගැනීම සඳහා මෙම අංශය පැය 24 පුරා විවෘත කර තැබීමටයි පියවර ගෙන ඇත්තේ. රජය ලබාදෙන නියෝග ක්‍රියාත්මක නොවීම හෝ ජනතාව අපහසුතාවට පත් වන ආකාරයේ ක්‍රියාකාරකම් පිළිබඳ පැමිණිලි ඉදිරිපත් කළ හැකියි.

ඒ සඳහා 0114 354 550 හා 0114 354 655 යන අංක අමතා අදාළ පැමිණිලි ඉදිරිපත් කිරීමේ පහසුකම් පවතිනවා.

එම දුරකථන අංක ඔස්සේ සම්බන්ධ වීමට නොහැකි වුවහොත් ජනාධිපති කාර්යාලයේ සෘජු දුරකථන අංක වන 0112 354 354 අමතා දිගු අංක 3872 / 3873 / 3874 හා 3875 ඔස්සේ සම්බන්ධ වී පැමිණිලි ඉදිරිපත් කළ හැකියි.

එමෙන්ම මහජන සම්බන්ධතා අංශයේ අධ්‍යක්‍ෂ කපිල ගුණසිංහ මහතාට ද 0773 743 718 යන ජංගම දුරකථනයට පැමිණිලි ඉදිරිපත් කළ හැකි බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

කොරෝනා වෛරසය පැතිර යාම ආශ්‍රිත දැනුම් දීම් සඳහා 0112 860 003 හා 0112 860 004 යන දුරකථන අංක විවෘතව තැබෙනවා.

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 27, 2020 09:25

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්