fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොරෝනා මැඩපැවැත්වීම සඳහා අවශ්‍ය සියලු වෛද්‍ය උපකරණ රෝහල්වලට

ITN News Editor
By ITN News Editor මාර්තු 26, 2020 17:32

කොරෝනා වෛරසය මැඩ පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු වෛද්‍ය උපකරණ රෝහල් වෙත ලබා දී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ‍

ඒ සදහා රුපියල් මිලියන 800 ක මූල්‍ය ප්‍රතිපාදන ලබා දී තිබෙනවා. කොරෝනා වෛරසය සදහා ප්‍රතිකාර කරනු ලබන රෝහල් 24ට සහ නිරෝධායන මධ්‍යස්ථාන සදහා අවශ්‍ය පුද්ගල ආරක්ෂිත උපකරණ වෛද්‍ය සැපයුම් අංශය මගින් බෙදා හැරීමට සියලු කටයුතු යොදා තිබෙනවා.

වෛද්‍යවරුන්,  හෙද කාර්ය මණ්ඩලය ඇතුළු සියලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල වලට එම උපකරණ කඩිනමින් ලබා දීමට කටයුතු කරන බවයි වෛද්‍ය සැපයුම් අංශය පවසන්නේ. එම කටයුතු සොයා බැලීමට අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ද වෛද්‍ය සැපයුම් අංශයට අද පෙරවරුවේ පැමිණියා.

පරිත්‍යාගශීලීන් දෙදෙනෙකු අමාත්‍යවරිය වෙත ආරක්ෂිත උපකරණ තොගයක් භාර දීම ද සිදු කෙරුණා.

 

ITN News Editor
By ITN News Editor මාර්තු 26, 2020 17:32

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්