ජාත්‍යන්තර සංචාරකයින්ට තම මව් රටට යාමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරනවා.
ආගමන විගමන බලධාරීන්ට අනුව මාර්තු 25 වන විට රට තුළ ජාත්‍යන්තර සංචාරකයින් 18,093 ක් පමණ සිටී.
ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරය, විදේශ අමාත්‍යාංශය හා අදාළ තානාපති කාර්යාල, මහ කොමසාරිස් කාර්යයාල සමඟ සමීපව කටයුතු කරමින් අවශ්‍ය පහසුකම් සැලසීමට කටයුතු කරයි.
ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් ගුවන් යානා සෑම දිනකම මහාබ්‍රිතාන්‍ය ඔස්ට්‍රේලියාව සහ ජපානය කරා පියාසර කරනවා.
ඇදිරි නීතිය පවතින සමයේදී ගුවන් ටිකට් පත අවසර පත්‍රයක් ලෙස සළකමින් ගුවන් තොටුපල කරා පැමිණිය හැකි බවයි සංචාරක සංවර්ධන අධිකාරිය සදහන් කරන්නේ.
ප්‍රවාහන කටයුතු සම්පාදනය කර ගත නොහැකි සංචාරකයන්ට 1912 ක්ෂණික අංකය හෝ ලගම ඇති පොලීසිය ඇමතීමෙන් ඒ සදහා පහසුකම් ලබා ගැනීමට හැකි වනවා.