fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රණවිරු සුනිල් රත්නායකට නිදහස

ITN News Editor
By ITN News Editor මාර්තු 26, 2020 15:34

මරණ දඬුවමට නියමව සිටි රණවිරු සුනිල් රත්නායකට අද නිදහස හිමිවුණා. ඒ ජනාධිපති සමාව යටතේයි. පසුගිය රජය ගෙන ගිය රණවිරු දඩයමේ ප්‍රතිඵලයක් ලෙසයි රණවිරු සුනිල් රත්නායක අභූත චෝදනා මත මෙම දඬුවම හිමිවන්නේ.

කොටි ත්‍රස්තවාදයෙන් මව්බිම මුදා ගැනීමේ සටනේ දී ඉමහත් මෙහෙවරක් ඉටුකළ අභීත රණවිරුවෙකු වන සුනිල් රත්නායක 1995 දෙසැම්බර් 20 වනදා හය වන ගජබා රෙජිමේන්තුවට බැදී ක්‍රියාන්විත රාජකාරියට එක්වූණා. දිගුදුර මෙහෙයුම් බලකායේ සාමාජිකයෙකු ලෙස රිවිරැස, ජයසිකුරු, අග්නි ආදී විශේෂ මෙහෙයුම් රැසකට ඔහු එක්වුණා. එම මෙහෙයුම්වලදී මව්බිම වෙනුවෙන් කළ අභීත සටන් හමුවේ ශරීරයේ කිහිප පොළක මෝටාර් උණ්ඩ කැබලි ද දරා ගනිමින් වුවද ඔහු තවදුරටත් මව්බිම වෙනුවෙන් සිය සේවාව ලබා දුන්නා.

සතුරා ඉදිරියේ දැක්වූ විශිෂ්ඨ දක්ෂතාව උදෙසා රණශූර ආදී පදක්කම් රැසකින්ද ඔහු පිදුම් ලැබුවා. මෙසේ සිටියදී  සැරයන් සුනිල් රත්නායකට මරණ දඬුවම නියම වන්නේ යාපනය විරුසුවිල් ප්‍රදේශයේ දී අට දෙනෙකු ඝාතනය කළ බවට වන චෝදනාවක් සම්බන්ධයෙනුයි. පසුගිය රජය රාජ්‍ය නොවන සංවිධාන හා ඇතැම් බටහිර රටවල් දෙමළ ඩයස්පෝරාව සතුටු කිරීමට ගෙන ගිය රණවිරු දඩයමේ එක් රණවිරුවෙකු ලෙසයි සුනිල් රත්නායක මහතා මෙසේ බන්ධනාගාර ගත කෙරෙන්නේ. වසර 5 ක් බන්ධනාගාර ගතව සිටි සුනිල් රත්නායකට අද නිදහස හිමිවූයේ ජනාධිපති සමාව යටතේයි.

ITN News Editor
By ITN News Editor මාර්තු 26, 2020 15:34

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්