fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ක්‍රයිස් චර්ච් ප්‍රහාරයේ සැකකරු මිනීමැරුම් චෝදනා 51කට වරද පිළිගනී

ITN News Editor
By ITN News Editor මාර්තු 26, 2020 15:46

මීට වසරකට පෙර නවසීලන්තයේ ක්‍රයිස් චර්ච්හි මුස්ලිම් පල්ලිවලට  ප්‍රහාර එල්ල කළ බවට චෝදනා ලැබූ පුද්ගලයකු මිනීමැරුම් චෝදනා 51 කට වරද පිළිගෙන තිබෙනවා.

29 හැවිරිදි බ්‍රෙන්ටන් ට්‍රැරන්ට් තවත් පුද්ගලයින් 40 දෙනෙකු ඝාතනය කිරීමට තැත් කිරීම හා එක් ත්‍රස්තවාදී චෝදනාවක්ද පිලිගෙන තිබෙනවා. මීට පෙර ඔහු චෝදනා ප්‍රතික්ෂේප කර ඇති අතර ජුනි මාසයේදී නඩු විභාගයට යෑමට නියමිතයි.

මුස්ලිම් පල්ලි දෙකට එල්ල වූ ප්‍රහාර ලොව පුරා ජනතාව මහත් කම්පනයට ලක් කළා. කොරෝනා වෛරසය පැතිරයාමත් සමගින් පනවා ඇති දැඩි නීති හේතුවෙන් නඩු විභාගයට සහභාගී වීමට කිසිවෙකුටත් අවසර දී නොමැත. ඔහුගේ නීතිඥයින් වීඩියෝ තාක්ෂණය ඔස්සේ පෙනී සිටීමට කටයුතු කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 26, 2020 15:46

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo