රටතුළට ගුවන් යානා පැමිණීම තහනම් කරන බව රුසියා රජය අද (26) නිවේදනය කළා. ඒ හෙට (27) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි.
රුසියාව තුළ කොරෝනා ව්‍යප්තිය පාලනය කිරිමයි වැඩපිලිවෙලේ අරමුණ. මේවන විට රුසියාවෙන් වාර්තාවී ඇති ආසාධිතයන් සංඛ්‍යාව 658 ක්. මරණ තුනක්ද වාර්තා වුණා. 29 දෙනෙකු සම්පුර්ණයෙන් සුවය ලබා ඇති බවයි රුසියා වාර්තාවල දැක්වෙන්නේ.
ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පැවැත්වීමට නියමිතව තිබූ ඡන්ද විමසීමද රුසියා ජනාධිපතිවරයාගේ උපදෙස් මත අවලංගු කර තිබෙනවා