fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නිරෝධායනය වූ තවත් පිරිසක් අද නිවෙස්වලට

ITN News Editor
By ITN News Editor මාර්තු 26, 2020 09:58

නිරෝධායනයට ලක්වූ තුන්වන කණ්ඩායමත් අද සිය නිවෙස්බලා පිටත්ව ගියා.

නිරෝධායනයට ලක්වූ පුද්ගලයන් 223 දෙනෙකු මෙලෙස සිය නිවෙස් බලා අද දිනය තුළදී පිටත්ව ගොස් තිබෙනවා.

වැලිකන්ද කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක්වූ පිරිසක් ද අද පිටත්ව ගියා. ඉතාලිය සහ දකුණු කොරියාව යන රටවලින් පැමිණි පුද්ගලයින් 42කු මෙලෙස නිරෝධායනය අවසන් කර සිය ගම්බිම්කරා පිටත්වුණා. කන්දකාඩු මධ්‍යස්ථානයේ සිට බස්රථ තුනකින් ඔවුන් රැගෙන ගිය බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. එම මධ්‍යස්ථානය තුළ පුද්ගලයන් 84 දෙනෙකු තවදුරටත් නිරෝධායනයට ලක්වනවා.

ආරක්ෂක හමුදාව ඉටුකළ මෙහෙය නිරෝධායනයට ලක්වූ සියලු දෙනාගේ පැසසුමට ලක්වුණා.

මේ අතර නිරෝධායනය අවසන් කළ දෙවන කණ්ඩායම ඊයේ සිය නිවෙස්බලා පිටත්ව ගියා. දෙසිය එක් දෙනෙකුගෙන් යුතු එම කණ්ඩායම ඉතාලිය, දකුණු කොරියාව ඇතුළු රටවල් කිහිපයකින් මෙරටට පැමිණ සිටියා.

නිරෝධායනයට ලක්විය යුතු එහෙත් මෙතෙක් නිරෝධායන මධ්‍යස්ථානයක හෝ සිය නිවසේ ස්වයං නිරෝධායනයට ලක් නොවූ පුද්ගලයන් සම්බන්ධයෙන් තොරතුරු 0112 444 480 හෝ 0112 444 481 යන දුරකතන අංකවලට දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

අනුරාධපුර මහනගර සභාවේ සෞඛ්‍ය අංශ යටතේ නිරෝධායනයට ලක්වූ විදේශිකයන් දෙදෙනෙකු ද අද සමාජ ගත කෙරුණා. ඒ ප්‍රංශයෙන් සහ යුක්ක්‍රේනයෙන් පැමිණි විදේශිකයන් දෙදෙනෙක්.  නිරෝධායනයට ලක්වීම සම්බන්ධයෙන් සහතික පතක්ද  අනුරාධපුර මහනගර සභාව ඔවුන් වෙත ලබා දුන්නා.

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 26, 2020 09:58

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්