fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පැය 24 ක කාලයක් තුළ ස්පාඤ්ඤයෙන් කොරෝනා මරණ 738ක්

ITN News Editor
By ITN News Editor මාර්තු 26, 2020 09:41

කොරෝනා වෛරසය හේතුවෙන් ස්පාඤ්ඤයේ පැය 24 ක කාලයක් තුළ මරණ 738 ක් වාර්තා වී තිබෙනවා.

ලොව දෙවන ස්ථානයට වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ ස්පාඤ්ඤයෙන්. ඒ මරණ 3647 ක්. කොරෝනා වෛරසයෙන් ලොව වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇති රට වන්නේ ඉතාලියයි. ස්පාඤ්ඤයේ කොරෝනා මරණ සංඛ්‍යාව චීනයේ සංඛ්‍යාවද ඉක්මවා තිබෙනවා.

ස්පාඤ්ඤය මේ වන විට සම්පූර්ණයෙන් නිරෝධායනයට ලක් කර ඇති අතර එරට රජය පවසන්නේ පවතින තත්ත්වය ඉදිරියේදී තවදුරටත් වර්ධනය විය හැකි බවයි. ස්පාඤ්ඤයෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයින්ගෙන් සංඛ්‍යාව 49515 ක්. ස්පාඤ්ඤ රජය යුරෝ මිලියන 432ක වටිනාකමකින් මුව ආවරණ ,පරික්ෂණ කට්ටල , අත්වැසුම් සහ ශ්වසන ආධාරයක යන්ත්‍ර මිලදී ගැනීමට පියවර ගෙන තිබෙනවා.

 

ITN News Editor
By ITN News Editor මාර්තු 26, 2020 09:41

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්