fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පැය 24ක් තුළ ඇමෙරිකාවෙන් කොරෝනා ආසාදිතයින් 13347ක්

ITN News Editor
By ITN News Editor මාර්තු 26, 2020 09:23

පැය 24 ක් ඇතුළත ඇමෙරිකාවෙන් කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 13347 දෙනෙක් වාර්තා වී තිබෙනවා.

නව කොරෝනා වෛරසය හේතුවෙන් පුද්ගලයින් 1027 ක් ඇමෙරිකාව තුළ මිය ගොස් ඇති බව සදහන්. එරටින් වෛරසය ආසාදිතයින් 68203 දෙනෙකු වාර්තා වනවා. ඇමෙරිකාවේ කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම සීග්‍රයෙන් වැඩිවන බවයි එරට සෞඛ්‍යඅංශ සදහන් කරන්නේ.

මේ වන විට ඇමෙරිකාවේ ප්‍රාන්ත 50 න්ම කොරෝනා ආසාදිතයින් හමුවී ඇති අතර වැඩි බලපෑමක් එල්ල වී ඇත්තේ නිව්යෝර්ක් ප්‍රාන්තයටයි. මෙම වෛරසයට එන්නතක් හෝ ඖෂධයක් සොයා ගැනීම සදහා මේ වන විට ඇමෙරිකා විද්‍යාඥයින් පර්යේෂණ පවත්වමින් සිටින බව සදහන්.

 

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 26, 2020 09:23

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්